ඇමැති ආරක්ෂාවට තවත් පොලිස් නිලධාරීහු 4ක් | දිනමිණ

ඇමැති ආරක්ෂාවට තවත් පොලිස් නිලධාරීහු 4ක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ආරක්ෂාව වෙනුවෙන් දැනට දී ඇති පොලිස් නිලධාරීන් දෙදෙනාට අමතරව තවත් පොලිස් නිලධාරීන් 4 දෙනකු අනුයුක්ත කිරීමට පොලිස්පතිවරයා තීරණය කර තිබේ.

ප්‍රාදේශීය පොලිස් ස්ථානවල සිටින තමන් කැමැති නිලධාරීන්ව ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත කර ආරක්ෂාව සඳහා යොදවා ගැනීමට ඒ අනුව මන්ත්‍රීවරයාට හැකියාව සලසා ඇත.

අරලියගහ මන්දිරය අසල මෙන්ම ගාලුමුවදොර විරෝධතාවට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව එල්ල කෙරුණු ප්‍රහාරයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මිය යෑම සහ මැති ඇමැතිවරුන්ගේ නිවාසවලට හානි සිදුවීම සළකා බලා පොලිස්පතිවරයා මෙසේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබේ.

සුභාෂිණි සේනානායක

නව අදහස දක්වන්න