සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය හෙටයි... | දිනමිණ

සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය හෙටයි...

සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පුර

පසළොස්වක පොහොය දිනය හෙටට (15) යෙදී තිබේ. සිදුහත් කුමරුන්ගේ උපත,  බුද්ධත්වයට පත් වීම සහ සම්බුද්ධ  පරිනිර්වාණය බෞද්ධ ජනතාව විසින් මෙලෙස සමරනු ලැබේ.  බුදු හිමියන් බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනකය. එම ගමනේදී සමනොළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියන් සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේ ද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයයි.

මහින්ද අලුත්ගෙදර

 

නව අදහස දක්වන්න