අප කිසි සේත් රනිල්ගේ ආණ්ඩුවේ කොටස්කරුවන් වන්නේ නෑ | දිනමිණ

අප කිසි සේත් රනිල්ගේ ආණ්ඩුවේ කොටස්කරුවන් වන්නේ නෑ

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරන ආණ්ඩුවක කිසිදු ආකාරයක කොටස්කරුවකු නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වී මෙම තීරණය ගත් බව ඊයේ (13) එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා කීය. ඒ අනුව වික්‍රමසිංහ ආණ්ඩුවේ කිසිදු අමාත්‍ය ධුරයක් හෝ තනතුරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකු භාර නොගන්නා බවත්, එම ආණ්ඩුවට සහාය නොදෙන බවත් හෙතෙම කියා‍ සිටියේය.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න