රනිල්ට සමඟි ජන බලවේගයේ කිසිදු සහයක් නැහැ - මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර | දිනමිණ

රනිල්ට සමඟි ජන බලවේගයේ කිසිදු සහයක් නැහැ - මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර

නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සමඟි ජන බලවේගයේ කිසිදු සහායක් නැතැයි එහි මහ ලේකම් පාර්ලිිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

සමඟි ජනබලවේගයේ කිසිවකු ඇමැතිකම් නොගන්නා බව පැවසූ ඒ මහතා, රනිල් වික්‍රමසිංහ මහතා බහුතරය හදා ගන්නේ කෙසේ දැයි ද කොළඹදී ඊයේ (13)පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙස තමන් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන බව ද මහින්ද රාජපක්ෂ මහතා ඉවත් වූයේ ද බහුතරය නැති නිසා බවද හෙතෙම කීවේය.

ජනාධිපතිවරයාගේ විශ්වාසය පළ කරන ලද යෝජනාවේදී රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බහුතරය පෙන්විය හැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතාටද බහුතරය පෙන්විය හැකි බවද කීවේය.

 

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න