ගාලුමුවදොර ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පහර කෑ, තුවාල වූ දේපොළ හානි වූ අයගේ තොරතුරු CIDය ඉල්ලයි | දිනමිණ

ගාලුමුවදොර ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පහර කෑ, තුවාල වූ දේපොළ හානි වූ අයගේ තොරතුරු CIDය ඉල්ලයි

අරලියගහ මන්දිරය සහ ගාලුමුවදොර ආශ්‍රිතව පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පහරකෑමට ලක් වූ, තුවාල ලැබූ සහ හානි වූ දේපොළ සම්බන්ධයෙන් ද තොරතුරු දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112 422176, 0112 320145, 0718592087, 0718594942, 0718594901 යන්න අංක වෙත දැනුම් දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

එමෙන්ම රට තුළ ඕනෑම ස්ථානයක සිදු වන මැර හෝ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන එසැණින් තොරතුරු දැනුම් දීමට ආරක්ෂක අමාත්‍යංශය මඟින් නව දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබේ.

එම තොරතුරු 0767392977, 0112441146 හෝ 118 අංක වලට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කැර තිබේ.

මැර කණ්ඩායම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාකාරී කණ්ඩායම් සිදු කරන නීතිය හා සාමය කඩකිරීම්, ගෙවල් ගිනිතැබීම්, මංකොල්ලකෑම්, පහරදිම් සහ රාජ්‍ය හෝ පෞද්ගලික දේපල විනාශ කිරීම් වැනි සිද්ධීන් පිළිබඳව තොරතුරු මෙසේ දැනුම් දිය හැකිය.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න