පාකිස්තානයේ චීන ව්‍යාපෘති අඩාළ වෙයි | දිනමිණ

පාකිස්තානයේ චීන ව්‍යාපෘති අඩාළ වෙයි

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් චීන බලධාරීන් කෝපයට පත් කරමින් චීන ව්‍යාපෘති පිළිබඳ වෝහාරික විගණනයක් පැවැත්වීමෙන් ඩොලර් බිලියන ගණනක චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝව බිඳ වැටී ඇතැයි වත්මන් අගමැති ශෙබාස් ෂෙරීෆ් චෝදනා කරයි.

ලාහෝර් නුවර පුවත්පත් කතුවරුන්ගේ කවුන්සිලයේ නියෝජිත පිරිසක් අමතමින් අගමැතිවරයා කියා ඇත්තේ අන්‍යෝන්‍ය ගෞරවය සහ අන්‍යෝන්‍ය අවශ්‍යතා මත සෙසු ජාතීන් සහ අනෙකුත් රටවල් සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීමට ද බලාපොරොත්තු වන බවය.

චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝවේ බලධාරීන්ට අනුව වැඩ නිම කිරීමට හැකිවී ඇත්තේ ග්වාඩර් හි ඩොලර් මිලියන 300කට වැඩි වටිනාකමක් සහිත ව්‍යාපෘති 3ක් පමණි. තවත් ඩොලර් බිලියන 2කට ආසන්න වටිනාකමකින් යුතු ව්‍යාපෘති දුසිමක් පමණ තවමත් ඉතිරිව ඇත.

එම ව්‍යාපෘති සඳහා ජල සැපයුම සහ විදුලිය සැපයුම ද මෙතෙක් සිදු කර නැතැයි වාර්තා වේ.

එම කරුණු අනාවරණය වී ඇත්තේ නව රජය පත්වීමෙන් පසු එම ව්‍යාපෘති පිළිබඳ කළ සොයා බැලීමකදීය.

 

නව අදහස දක්වන්න