එමිරේට්ස් රජු මිය යයි | දිනමිණ

එමිරේට්ස් රජු මිය යයි

දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජු 73 හැවිරිදි ශේක් කලීෆා බින් සෙයිඩ් අල් නහ්යාන් ඊයේ අභාවප්‍රාප්ත විය. එමිරේට්ස් රජු මෙන්ම අබුඩාබි නුවර පාලකයා ද වන ශේක් කලීෆා කලක් රෝගාතූරව සිටියේය. එමිරේට්ස් රජුගේ අභාවය නිමිත්තෙන් එරට දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

වසර 2004 දී එමිරේට්ස් ඔටුන්නට පැලඳූ ශේක් කලීෆා ලෝක ධනවතුන් අතර මුල් පෙළේ සිටින ප්‍රකෝටිපතියකු ලෙස ප්‍රචලිතය. ඔහුගේ පවුලේ වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 150කට අධික බවට තක්සේරු කර තිබේ.

ශේක් කලීෆාගේ අභාවයෙන් පසු එමිරේට්ස් ඔටුන්නට හිමිකම් කියන කුමරු මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකළ ද, ඒ සඳහා ඔහුගේ ඥාති සොයුරු මොහම්මඩ් බින් සෙයිඩ් සුදුසුකම් ලබනු ඇතැයි වාර්තා වේ.

 

නව අදහස දක්වන්න