ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ගංවතුරක් දහස් ගණනක ජනතාව නිවාසවලින් ඉවත් කෙරේ | දිනමිණ

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ගංවතුරක් දහස් ගණනක ජනතාව නිවාසවලින් ඉවත් කෙරේ

 

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ හදිසි ගංවතුර තත්ත්වයක් උද්ගත වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනකට වහා තම නිවෙස්වලින් ඉවත් වන ලෙස පාලනාධිකාරිය දන්වා ඇත. ඊයේ අනතුරු ඇඟවීම් සැලකිය යුතු ප්‍රමාණයක් නිකුත් කර ඇති අතර, කලාප කිහිපයක පදිංචිකරුවන්ට තම නිවාස හිස් කිරීමට සූදානම් වන ලෙසත් උපදෙස් දී තිබිණි. ඊයේ උදෑසන හමා ගිය දැඩි සුළං සහ කුණාටු තත්ත්වය මේ වන විට බ්‍රිස්බේන් ඇතුළු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ජනාකීර්ණ පළාත්වලින් ගිනිකොන දෙසට ගමන් කරමින් තිබෙන බව වාර්තා වේ. පසුගිය පෙබරවාරි මාසයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ හටගත් ගංවතුර තත්ත්වය නිසා නිවාස විනාශ වූ අතර, මෙවරත් එවැනිම තත්ත්වයකට මුහුණ දීමට සිදු වනු ඇතැයි අනුමාන කර තිබේ.

 

නව අදහස දක්වන්න