එෆ්.ඒ. කුසලානය ලිවර් පූල් දිනයි | දිනමිණ

එෆ්.ඒ. කුසලානය ලිවර් පූල් දිනයි

එංගලන්තයේ අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම පාපන්දු තරගාවලියේ එෆ්.ඒ. කුසලානය චෙල්සියා පිල පරදවා ලිවර් පූල් ක්‍රීඩා සමාජය දිනා ගනියි. එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී නියමිත කාලයේ ගෝල් වාර්තා නොවූ අතර දඬුවම් පහර 6-5ක් ලෙස ලිවර් පූල් ක්‍රීඩා සමාජය ජය වාර්තා කළේය.

ලිවර් පූල් ක්‍රීඩා සමාජය එෆ්. ඒ. කුසලානය දිනාගත් 8 වැනි අවස්ථාව මෙය වන අතර මේ කුසලානය වැඩිම වාර ගණනක් (14 වතාවක්) දිනා ඇත්තේ ආර්සනෙල් ක්‍රීඩා සමාජය වේ.

නව අදහස දක්වන්න