බටහිරට ගැති, අයිඑම්එෆ් යන නායකයකු කියා මට චෝදනා කළත් මා පැවසූ දේවල් අද ඇත්ත වෙලා | දිනමිණ

බටහිරට ගැති, අයිඑම්එෆ් යන නායකයකු කියා මට චෝදනා කළත් මා පැවසූ දේවල් අද ඇත්ත වෙලා

බීබීසී සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ජාවකට එක් වෙමින් අගමැති කියයි

බටහිරට ගැති අයි එම් එෆ් යන නායකයෙක් බව කියමින් සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය තමන්ට විරුද්ධව ප්‍රචාර ගෙන ගියත් තමා පැවසූ දේවල් අද ඇත්ත වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තමා රාජපක්ෂලා ආරක්ෂා කරන බව මාධ්‍ය පැවසුවත් රාජපක්ෂලාට විරුද්ධව තමා නඩු ගොනු තුන්සිය ගණනක් ආරම්භ කර නඩු පැවරුවත් මාධ්‍ය බහුතරයක් රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටි බවත් අගමැතිවරයා සඳහන් කළේය.

බීබිසී සිංහල සේවය වෙනුවෙන් රංග සිරිලාල් සමඟ සම්මුඛ සාකච්ජාවක් පවත්වමින් ඒ් මහතා මේ බව කීවේය.

අගමැතිවරයා බීබිසී සිංහල සේවය සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව මෙසේය.

ප්‍රශ්නය- පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒන්න ඔබතුමා බලාපොරොත්තු වන්නේ කොහොමද?

පිළිතුර- අද අප මුහුණ දෙන්නේ දරුණුම ආර්ථික අර්බුදයකටයි. ඕලන්ද කාලේවත් බ්‍රිතාන්‍ය යුගයේදීවත් මෙවැනි ආර්ථික අර්බුදයක් ඇති වුණා යැයි මා සිතන්නේ නැහැ. අපට අමාරුම මේ අවුරුද්දයි.

විදේශ විනිමය නැහැ. අනෙක් අතට ආණ්ඩුවට ආදායම් නෑ. බදු අඩු කර තිබෙනවා. රැකියා නැති වෙනවා. රුපියලේ ආදායමත් නැහැ. දැන් අප කොහොමද රුපියලේ ආදායම් වැඩි කරගන්නේ? බදු කොහොමද අය කරගන්නේ කියා අලි සබ්රි හිටපු ඇමැතිතුමා අපට කිව්වා. දෙවනුව තිබෙන්නේ විදේශ විනිමය ලබා ගන්න. විදේශ විනිමය ලංකාවෙන් ලබා ගන්න බෑ. මා තාම සංඛ්‍යා ලේඛන පරික්ෂා කර නෑ. දැනට ඩොලර් බිලියන තුනක් පමණ වුවමනායි. මෙය අපට තිබෙන පළවෙනි අභියෝගයයි.

පෝලිං නැති කරන්න ඕනෑ. අප තුන් වේලක් මිනිස්සුන්ට කන්න දෙන්න ඕනෑ. සාමාන්‍ය ජීවිතයක් ඇති කරන්න ඕනෑ. මැද පන්තිය දියුණු කරන්න ඕනෑ. ඒ වගේම වැඩ කරන ජනතාවට මීට වඩා හොඳ ආර්ථිකයක්, ගෙදර ආර්ථිකයක් දෙන්න තිබෙනවා.

ප්‍රශ්නය- හිටපු නායකයො හැමතිස්සෙම පෝලිං යුගය නැති කරන බව කිව්වා. තාවකාලිකව තියෙන ප්‍රශ්නයක් කියා කිව්වා. මේ පෝලිං යුගය නැ ති කරන්න ඔබතුමා ගත් ක්‍රියා මාර්ගය කුමක්ද ?

පිළිතුර - 1977 දී අප පෝලිං යුගය ඉවර කළා. විවෘත ආර්ථිකයක් ඇති කළා. 2001දී විදුලි බලය නැතිව අප අඳුරු යුගයක හිටියා. ආර්ථිකය කඩා වැටුණා. මා ඒය උඩට ගෙන ආවා. ආපහු 2015 අපට විශාල ආර්ථික අහේනියකට මුහුණ දෙන්න සිදු වුණා. ආර්ථිකය කඩා වැටෙන එක නවත්තන්න තිබුණා. ඒය සාර්ථකව සිදු කළා. පාස්කු ඉරිදායින් පස්සේ ආර්ථික ආපසු නඟා සිටුවීම කළා. හැමවිටම මා අගමැති වූ විට මිනිසුන්ට තුන් වේලක් කන්න දුන්නා. රැකියා ඇති කළා.

විශේෂයෙන්ම මේ සැරේ අභියෝගය භාර ගෙන ජනතාවට හොඳ ජීවිතයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය- ඒක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔබතුමා විතරයි. වෙන සහයෝගයක් නැතුව ඔබතුමා මේ කියන දේවල් කරන්න පුළුවන්ද ?

පිළිතුර- ඔව්. වින්ස්ටන් චර්චිල් මැතිතුමාට 1939දී පාර්ලිමේන්තුවේ සිටියේ මන්ත්‍රීවරු හතර දෙනයි. බෙන්ඩන් බ්‍රැකන් සහ තවත් තුන්දෙනෙක් හිටියා. ඔහු අගමැති වී යුද්ධයත් දිනුවා.

ප්‍රශ්නය - පාර්ලිමේන්තුවේ සහයෝගය ගන්න ඔබතුමාගේ ක්‍රියාමාර්ගය කුමක්ද?

පිළිතුර- හැම එක්කෙනාම එකතු කර ගන්න. සමාරම්භක අවස්ථාවේදී සමහරු විරුද්ධ වෙන්න පුළුවන්. සමහර අය ඒකඟ වෙන්න පුළුවන්. ආපසු පාර්ලිමේන්තුවට බලය ගන්න ක්‍රියා කළ යුතුයි. කැබිනට් මණ්ඩලයට අමතරව කමිටු ඇති කළ යුතුයි. මූල්‍ය පාලනය කරන්න, අධීක්ෂණය කරන්න පාර්ලිමේන්තු නායකයන්ගේ කමිටුවක් පත් කළ යුතුයි. පාර්ලිමේන්තුවේ හැම කෙනාම ඒකඟ වී වැඩ කළ යුතුයි. තරුණ හඬ ඒක් කර ගත යුතුයි. තරුණ නියෝජිතයන් පත් කර ඔවුන්ට අවශ්‍ය වෙනස ලබා දෙන්න වැඩ කටයුතු කරනවා. සම්ප්‍රදායට වැඩ කරන එක වැරදියි.

ප්‍රශ්නය - රාජපක්ෂ පාලනයේ තියෙන අඩුලුහුඩුකම් නිසා රට මේ තත්ත්වයට පත්ව තිබියදී සහ තරුණයෝ ගෝඨා ගෝ ගම අරගලය කරද්දී ජනාධිපතිවරයා සමග ඒකට වැඩ කරන්න බලාපොරොත්තු වන්නේ කොහොමද?

පිළිතුර- 2001 දීත් මා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ වැඩ කළා. මා මගේ වැඩ කොටස කරනවා. ආර්ථිකය හදන්න, අයිතිවාසිකම් ආරක්ෂා කරන්න, ගෝඨා ගෝගම පවත්වගෙන යන්න අප ඒකඟ වී තිබෙනවා. කට්ටියක් රනිල් ගෝ හෝම් කියනවා. මට නම් ඒය කරන්න අමාරුයි. මා කොළඹ ඉපදුණු කෙනෙක්. මට වෙන යන්න තැනක් නැහැ.

ප්‍රශ්නය - අරගල කරන ජනතාවට ඔබතුමා දෙන පණිවිඩය කුමක්ද?

පිළිතුර- අරගල දෙකක් තිබෙනවා. ඒකක් ගෝඨා ගෝ ගම, හැම නගරයකම ඉන්ධන, ගෑස්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගන්න තිබෙන අරගලය. රඹුක්කන සිදු වුණේ ඒ් වගේ දෙයක්. ඒ් ප්‍රශ්න විසඳන්නයි මා ක්‍රියා කරන්නේ. ඒ් සඳහා මුදල් සොයා ගත යුතුයි. 13 දා සිටම වෙසක් දිනයටත් නිවාඩු නොගෙන රෑ වෙනතුරුම වැඩ කරනවා.

ප්‍රශ්නය - මේ සඳහා ඔබ මුදල් හොයා ගන්නේ කොහොමද?

පිළිතුර - මුලින්ම අප අයි ඒම් ඒෆ් යන්න ඕනෑ. අප නියම වශයෙන් ක්‍රියා කරනවා කියා දැනගත්තාම අනෙක් රටවල් අපට උදව් කරයි. අප අයි ඒම් ඒෆ් වැඩසටහන් ක්‍රියාත්මක කළේ නැහැ. ලෝකය කිවුවහම 2020, 2021 ණය ගන්න කියා අප ඒය කළේ නැහැ. අප අපේ සංචිතය යොදවා ඉන්ධන වැනි දේ මිලදී ගත්තා. අ‌පේ සංචිතය අඩු වුණා. සංචිතය අඩු වුණාම රට වැටුණා. ආණ්ඩුව බොරු කිව්වා. දැන් රටට රුපියලේ ආදායම නැහැ. දැන් ට්‍රිලියන තුනක් මුද්‍රණය කර තියෙනවා. දැන් ඒයත් අවසන්. දැන් තිබෙන්නේ බිලියන 100යි. ආයිමත් සල්ලි මුද්‍රණය කරන්න වෙලා. නැත්නම් ආණ්ඩුවේ සේවකයින් පඩි ගෙවන්න බැරි වෙනවා. මගේ ප්‍රතිපත්තිය ඒය නෙවෙයි. නමුත් දැනට සිදු කරන්න වෙනවා.

ප්‍රශ්නය- අරගලයේ සිටින ජනතාවත් මහජනතාවත් කියන්නේ ඔබතුමා මේ තනතුරට පත් කළේ රාජපක්ෂවරුන් බේරගන්නත් ඉදිරි ජනාධිපතිවරණයේදී රාජපක්ෂ කෙනෙකුට පාර කපන්න බවයි.

ප්‍රශ්නය- තව රාජපක්ෂ කෙනෙක්ට ජනාධිපති තියා මන්ත්‍රීවරයෙක්වත් වෙන්න පුළුවන් කියා ඔබ සිතනවාද?

ප්‍රශ්නය- 2015 දී ජනතාව ඒපා කියපු අය මාස ගානකින් ආපහු මහින්ද සුළඟත් එක්ක ඇවිත් ඔබතුමාට එක ඡන්දයක් විතරක් ලැබන විදියට වැඩ සිද්ධ කළා නේද?

පිළිතුර- ඒ්ක කළේ මාධ්‍යයයි. ඒ්ක මාධ්‍යයෙන් අහන්න. ඒය මා කළ වැරුද්දක් නෙවෙයි. මා රාජපක්ෂලාට විරුද්ධව නඩු දැම්මා. ලිපිගොනු තුන්සිය ගණනක් තිබුණා. ගෝඨාට ඡන්දය දෙන්න ඒපා කියපු, ඒක මාධ්‍ය නාලිකාවක් මට කියන්න. සමාජ මාධ්‍ය බහුතරයක් සිටියේ ගෝඨා වෙනුවෙන්. මා කිව්වේ මේ අවුරුදු දෙකට බිලියන දෙකක් අවශ්‍ය බවයි. මා බටහිරට ගැති, අයි ඒම් ඒෆ් යනවා කියා මාධ්‍ය සහ සමාජ මාධ්‍ය දෙකම මාව නැති කළා. අන්තිමට මා කී දේ හරි ගියා. මේ ගොල්ලන් ආපසු බලයට ගෙනාවෙත් නඩු බොරු කියා කිව්වේත් මාධ්‍යයි. මා කිසි කෙනෙකුටවත් උදව් කළේ නැහැ.

ප්‍රශ්නය- රට වියවුලට පත් කරන්න ප්‍රධාන සහ අවසාන සාධකය වුනේ පැවැත්වූ ගේ සාමකාමී විරෝධතාවට පහුගිය මැයි නව වැනිදා රජයේ හිතවතුන් පහරදීමයි. ඒදා නීතිය කඩ කළ පුද්ගලයන්ට විරුද්ධව මේ වෙනකන් පියවර ගැනිමක් හෝ අත්අඩංගුවට ගැනීමක් කර නෑ. ඒ වෙනුවෙන් ඔබතුමා මොකක්ද ගත් පියවර?

පිළිතුර - මා පොලිස්පතිතුමාට කිව්වා මේ ගැන ක්‍රියා කරන ලෙස. පොලිස්පතිතුමා ඉල්ලුවා මේ මේ කරන වැඩ කටයුතු ගැන නීතිඥ සංගමය අධීක්ෂණය කරන්න කියලා. ‌පොලිසිය පළවෙනි වාර්තාව දැම්මට පස්සේ අධීක්ෂණය කරන බව සංගමය පැවසුවා. රූපවාහිනී විඩියෝ පටවලින් සාක්කි හොයාගන්න තියෙන බව පොලිස්පතිවරයා කිව්වා. මන් අද පොලිස්පතිවරයාගෙන් ප්‍රගතිය ගැන විමසනවා.

ප්‍රශ්නය - රඹුක්කන සිද්ධිය ගැන ඔබ ගත් ක්‍රියා මාර්ග මොනවාද?

පිළිතුර- එතනට අදාළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට පත් වී සිටිනවා. දැන් එතන ඉඳන් නීතිය ක්‍රියාත්මක වෙන්න තියෙනවා. මන්ත්‍රීවරුන් පනස් පහකගේ ගෙවල් ගිනි තියෙනකොටත් මන්ත්‍රීවරයකු ගහලා මරනකොටත් පොලිසිය වෙඩි තිබ්බේ නැහැ. පොලිසිය වෙඩි තිබ්බා කියන චෝදනාව හරි කියා මා හිතන්නේ නැහැ. දේශබන්දු තෙන්නකෝන් මහතා බේර ගන්න පොලිසිය අහසට ඒක වෙඩිල්ලක් තබා තිබෙනවා. අරලිය ගහ මන්දිරය වට කළ අවස්ථාවේදී ඒක වෙඩිල්ලක් තිබ්බා.

නව අදහස දක්වන්න