ජනපතිට සහ අගමැතිට සහාය දීමට සියලු දෙනා ක්‍රියා කළ යුතුයි | දිනමිණ

ජනපතිට සහ අගමැතිට සහාය දීමට සියලු දෙනා ක්‍රියා කළ යුතුයි

ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි

උද්ගතව ඇති දුෂ්කරතාවලින් රට බේරාගැනීමට අවශ්‍ය ජනතා සහාය ජනාධිපතිවරයාට සහ නව අග්‍රාමාත්‍යවරයාට දීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති, ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ සඳහන් කළහ.

උන්වහන්සේ මේ බව පවසා සිටියේ පසුගියදා (13) මිහින්තලා රාජමහා විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද කීහ.

"වර්තමානයේ ඇතිව තිබෙන දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජනාධිපතිවරයාට පමණක් නොව රටේ ජනතාවට ද විශ්වාසයක් ඇති වන අයුරින් නව අග්‍රාමාත්‍යවරයා කටයුතු කළ යුතුයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉතිහාසයේ සිදු වූ වැරදි නිවැරදි කිරීමට ඇති එකම අවස්ථාව මෙයයි.

රටේ ජනතාව ගැන සිතා තම තමන්ගේ න්‍යාය පත්‍රවලින් බැහැරව මේ රට ගොඩනැඟීමට දේශපාලන, පක්ෂ සහ ආගම් භේදයකින් තොරව සියලුම දෙනා එක්ව ජනාධිපතිවරයා සහ නව අග්‍රාමාත්‍යවරයාට සහාය දිය යුතුයි. රටේ තරුණ පිරිසගේ ඉල්ලීම් අනුව විධායක ක්‍රමය ඉවත් කර නව ව්‍යවස්ථාවක් ඇති කිරීම ද ආණ්ඩුවේ වගකීමක්. ජනතාවගේ ඉල්ලීම් ද කඩිනමින් විසඳීමට කටයුතු කළ යුතුයි."

අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර අතිරේක

නව අදහස දක්වන්න