එක්සත් ජාතීන් මෙන්ම සමස්ත ලෝකයම ශ්‍රී ලංකාව සමඟයි | දිනමිණ

එක්සත් ජාතීන් මෙන්ම සමස්ත ලෝකයම ශ්‍රී ලංකාව සමඟයි

එ ජා සංවිධානය කියයි

ගෞරවයෙන් සහ විශ්වාසයෙන් යුතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සමස්ත ලෝකය, ශ්‍රී ලංකාව සමඟ සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

සම්බුදු තෙමඟුල සමරන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සුබපැතුම් පතමින් එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් හම්ඩි මහත්මිය මේ බව සඳහන් කරයි.

ශ්‍රී ලංකාව මෙන්ම සමස්ත ලෝකයම අර්බුද රැසකට මුහුණ දෙන සමයක "වෛරයෙන් වෛරය නොසංසිදේ - අවෛරයෙන්ම වෛරය සංසිදේ" යන ධම්ම පද ගාථාව නිසි මඟ පෙන්නුම් කරන බව එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් හම්ඩි මහත්මිය කියා සිටී. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සහ ජගත් සංවිධාන නියෝජිත කණ්ඩායම වෙනුවෙන් වෙසක් සුබ පැතුම් පිරිනමමින් ඇය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, දායානුකම්පාවෙන්, ගෞරවයෙන් සහ අවබෝධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝකය ශ්‍රී ලංකාව සමඟ සිටින බවයි. මෙරට ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව ජගත් සංවිධානය අගය කරන අතර, වත්මන් අර්බුදයෙන් මිදීම සඳහා යන ගමනේදී අනාගතය පිළිබඳ බලාපොරොත්තු සහගත වන ලෙසද ඇය ඉල්ලීමක් කරයි.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න