එමිරේට්ස් නව ජනපතිධුරය සහ රජ කිරුළ මොහොමඩ් බින් සෙයිඩ්ට | දිනමිණ

එමිරේට්ස් නව ජනපතිධුරය සහ රජ කිරුළ මොහොමඩ් බින් සෙයිඩ්ට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව ජනාධිපතිවරයා සහ රජු වශයෙන් ශේක් මොහොමඩ් බින් සෙයිඩ් අල් නහ්යාන් පත් කර තිබේ. පසුගියදා එරට හිටපු රජු සහ ජනාධිපති ශේක් කලීෆා බින් සෙයිඩ් අල් නහ්යාන්ගේ අභාවයෙන් පසු එරට මධ්‍යම උත්තරීතර කවුන්සිලය මේ පත්වීම සිදු කර ඇතැයි වාර්තා වේ.

‘එම්බීඉසෙඩ්‘ නමින් ප්‍රචලිත 61 හැවිරිදි මොහොමඩ් බින් සෙයිඩ් එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ තුන්වැනි ජනාධිපතිවරයා වන අතර, අබුඩාබි නුවර නව පාලකයා මෙන්ම එරට හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස ද කටයුතු කරනු ඇත. එමිරේට්ස් විදේශ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කරමින් එරට විදේශ ආයෝජන පුළුල් කිරීමට සහ එමිරේට්ස් ලොව වඩාත්ම ධනවත් රාජ්‍යයක් බවට පත් කිරීමට පුරෝගාමීව කටයුතු කළ මොහොමඩ් බින් සෙයිඩ් වසර 2019දී නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් අරාබි ලෝකයේ වඩාත්ම බලවත් පුද්ගලයා ලෙස නම් කර තිබිණි.

 

නව අදහස දක්වන්න