නවදිල්ලියේ ගොඩනැඟිල්ලක් ගිනිබත් වෙයි | දිනමිණ

නවදිල්ලියේ ගොඩනැඟිල්ලක් ගිනිබත් වෙයි

  • පුද්ගලයෝ 27ක් මරුට:
  •  29ක් අතුරුදන්

ඉන්දියාවේ නවදිල්ලි නුවර මහල් හතරකින් සමන්විත ගොඩනැගිල්ලක පසුගියදා හටගත් ගින්නකින් පුද්ගලයන් 27 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත්, තවත් පුද්ගලයන් 29 දෙනකු අතුරුදන් වී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. ගින්න හටගත් අවස්ථාවේදී එම ගොඩනැගිල්ලේ පුද්ගලයන් 70කට අධික පිරිසක් සිටි බව ද වැඩිදුරටත් වාර්තා වේ.

ඇතැමුන් ගින්නෙන් බේරීම සඳහා කවුළුවලින් බිමට පැනීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ගින්නට හසු වූ පුද්ගලයන්ගෙන් වැඩි දෙනකු කාන්තාවන් බව ද වාර්තා වේ.

ගොඩනැගිල්ලේ විදුලි පරිපථයේ ඇති වූ දෝෂයක් ගින්නට හේතුවී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණයේදී හෙළි වී ඇති අතර, නිසි ක්‍රමවේදයකින් තොරව ගොඩනැගිල්ල ඉදි කර තිබීම හේතුවෙන් ගොඩනැගිල්ලේ හිමිකරු ඇතුළු දෙදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වේ. එම ගොඩනැගිල්ලේ පිටවීමේ හදිසි දොරටුවක් හෝ ගිනි නිවීමේ පද්ධතියක් සකස් කර නැති බව ද අනාවරණය වී ඇත.

 

නව අදහස දක්වන්න