ආධාර ගැනීමේ විදේශ සංසදයක් හදන්න අගමැති සාකච්ඡා අරඹයි | දිනමිණ

ආධාර ගැනීමේ විදේශ සංසදයක් හදන්න අගමැති සාකච්ඡා අරඹයි

අප රටට මූල්‍ය ආධාර ගැනීම සඳහා වන විදේශ සංසදයක් පිහිටුවීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට විදේශ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් පහළොස් දෙනකු සමඟ අගමැති කාර්යාලයේ දී ඊයේ (15) රාජ්‍ය තන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත් විණි.

දකුණු කොරියාවේ තානාපති වූන්ජින් ජියොන්, ප්‍රංසයේ තානාපති ඒරික් ලැවර්ටු, ඉතාලියේ තානාපතිනි රීටා මැනෙල්ලා, නෝර්වේ තානාපතිනි ට්‍රයින් ඒස්කෙඩාල්, නෙදර්ලන්තයේ තානාපතිනි ගොන්ග් රිජ්ප්, යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චයිබි, ජර්මනියේ තානාපතිනි හොල්ගර් සොයිබර්ට්, ස්විට්සර්ලන්තයේ තානාපති ඩොමිනික් ෆර්ග්ලර්, රුසියාවේ තානාපති යූරි මාටෙරි යන මහත්ම මහත්මීන් සමඟ ද ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ඩේවිඩ් හොලි, නවසීලන්තයේ මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන්, කැනඩාවේ මහ කොමසාරිස් ඩේවිඩ් මැකින්නන්, බංග්ලාදේශයේ මහ කොමසාරිස් ටාරේක් අරිෆුල් ඉස්ලාම් සමඟ ද එක්සත් ජනපදයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලීසා වොන්ස්ටෝල් සහ රොමේනියාවේ රාජ්‍ය කටයුතු භාර නිලධාරි ආචාර්ය වික්ටර් චියුජ්ඩියා මහත්ම මහත්මීන් සමඟ ද අගමැතිවරයා සාකච්ඡා පැවැත්වීය.

පැවති සාකච්ඡා සාර්ථක බවත්, ඒ්වා ඉදිරියට පැවැත්වෙනු ඇති බවත් අගමැති කාර්යාලය සඳහන් කරයි. ජපානය, චීනය, ඉන්දියාව සහ අමෙරිකා ඒක්සත් ජනපද තානාපතිවරුන් සමඟ ද පසුගියදා (13) අගමැතිවරයා සාකච්ඡා පැවැත්වීය.

ශිරෝමි අබයසිංහ

නව අදහස දක්වන්න