සා /පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් | දිනමිණ

සා /පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රීයේ සිට තහනම්

සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තුරු තහනම් බව විභාග දෙපාර්තුමේන්තුව දන්වා සිටියි.
 
මෙම නියෝගය උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන ක්‍රියාවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
 
සාමාන්‍ය පෙළ විභාගය ලබන 23 වන දින සිට ජුනි මස 01 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

නව අදහස දක්වන්න