බයෝ එක්ස්ට්‍රැක්ට්ස් ‘Baraka’ සමාගමට Great Place to Work සම්මානය | දිනමිණ

බයෝ එක්ස්ට්‍රැක්ට්ස් ‘Baraka’ සමාගමට Great Place to Work සම්මානය

මෙරට ප්‍රමුඛ අයුර්වේද ඖෂධ නිෂ්පාදන සන්නාමයක් වන ‘බරකා‘ සන්නාමය හිමි බයෝ එක්ස්ට්‍රැක්ට්ස් පෞද්ගලික සමාගම Great Place to Work සහතිකයෙන් සහ Best Work Places in Manufacturing & Production Industries 2022 සම්මානයන් පසුගියදා පිදුම් ලැබීය. Great Place to Work නම් ගෝලීය ආයතනය වාර්ෂික සමීක්ෂණ මඟින් සුදුසුකම් සපුරා ඇති ආයතන තෝරා Great Place to Work සහතික පිරිනමන අතර, Best Work Places in Manufacturing & Production Industry in Sri Lanka 2022 සම්මානය ද සුදුසුකම් සපුරා ඇති සීමිත අයතන රැසක් අතරින් ආයතන 10කට පමණක් පිරිනමයි.

“Best Work Places in Manufacturing & Production Industry in Sri Lanka 2022 හොඳම ආයතන 10ට පැමිණීම සහ Great Place to Workසහතිකය අප ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්. මේ සහතිකය මඟින් අප ආයතනයේ කෙනකුට තෘප්තිමත් රැකියාවක් කරමින් වෘත්තීය දියුණුව ලබා ගැනීමට සුදුසුම ආයතනයක් බව සාක්ෂි සහිතව තහවුරු වෙනවා. සේවක මණ්ඩලයට ප්‍රියජනක සහ සුරක්ෂිත වැඩ පරිසරයක් නිර්මාණය කිරීමට අප නිරන්තරයෙන් ක්‍රියා කරනවා. මේ ජයග්‍රහණ සඳහා කැප වූ කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩලය ගෞරවයෙන් සිහිපත් කරනවා.” ප්‍රධාන මූල්‍ය නිලධාරී මොහොමඩ් හනීෆා ෆාහිම් මහතා පැවසීය. ඉපැරැණි දැනුම හා නවතම පර්යේෂණ ඔස්සේ නිපදවන බරකා ඖෂධීය නිෂ්පාදන ලොව පුරා රටවල් 25කට අධික සංඛ්‍යාවකට අපනයනය කෙරේ. රත්මලානේ පිහිටි නවීන නිෂ්පාදන අංගයන්ගෙන් හා තත්ත්ව පරීක්ෂණ අංශවලින් සමන්විත නිෂ්පාදනාගාරයක නිපදවන ගුණාත්මකභාවයෙන් හා තත්ත්වයෙන් ඉහළ සියලු බරකා නිෂ්පාදන ඕනෑම ෆාමසියකින්, ආයුර්වේද බෙහෙත්සලකින්, සුපිරි වෙළෙඳසලකින් සහ කොල්ලුපිටියේ සහ One Galle Faceහි පිහිටා ඇති බරකා නේචර් ෂොප් අලෙවි ශාකාවලින් මිලට ගත හැකිය. බරකා නිෂ්පාදන දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති අතර ISO 55222" ISO 10221" HACCP හා GMP ආදි තත්ත්ව සහතිකවලින් ද පිදුම් ලබා ඇත.

නව අදහස දක්වන්න