මියුසියස් දියණියන්ගෙන් ‘හදට හදක්’ අරමුදලට පරිත්‍යාගයක් | දිනමිණ

මියුසියස් දියණියන්ගෙන් ‘හදට හදක්’ අරමුදලට පරිත්‍යාගයක්

මියුසියස් විද්‍යාලයට වසර 130ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයීය ශිෂ්‍යාවන් විසින් එකතු කරන ලද රුපියල් 13,576,721ක මුදලක් 'හදට හදක්' භාරකාර අරමුදලට පරිත්‍යාග කර තිබේ.

එම විද්‍යාලයේ සභාපති අජිත ද සොයිසා මහතාගේ සංකල්පයක් අනුව සිසුවියන් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර කෙරිණි. ඉකුත් මැයි 05 වැනිදා විද්‍යාලයේ පැවැති ත්‍යාග ප්‍රධාන උත්සවයේදී සිසුවියන් කැටවලට එකතු කළ මුදල් මෙලෙස පරිත්‍යාග කර ඇත.

2014 වසරේ සිට හෘද ආශ්‍රීත රෝගවලින් පීඩා විඳින පිළිසරණක් නොමැති, දිළිඳු බව නිසාම ජිවිත ආශාව අත් හැර සිටින ජනතාවට පිහිටක් වීම සඳහා 'හදට හදක්' භාරකාර අරමුදල පිහිටුවා තිබේ.

රන්මලී සෝමසිරි

නව අදහස දක්වන්න