රාජ්‍ය සේවකයන්ට අගමැතිගෙන් නිවේදනයක් | දිනමිණ

රාජ්‍ය සේවකයන්ට අගමැතිගෙන් නිවේදනයක්

පවතින ඉන්ධන අර්බුදය හමුවේ රජයේ අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් රාජ්‍ය සේවකයන් හෙට (20) දිනයේ රාජකාරී සඳහා වාර්තා නොකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද  (19) පැවසූවේය
 
පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
 
එලෙසම සති අන්තයේ දී අත්‍යවශ්‍ය නොවන ගමන් නොයා ඉන්නා ලෙසද අගමැතිවරයා ඉල්ලා සිටියේය.
 
සති අන්තය වෙනකොට ඉන්ධන, ඩීසල් තිබෙන නිසා ඒ ප්‍රශ්නය උග්‍ර වේවි කියලා අප හිතන්නේ නැහැ. ජූනි මාසයේ මැද වෙනකම් අපට ඉන්ධන තිබෙනවා. ඒ වෙනකොට විභාගයත් අවසන් වෙනවා. එයින් ඉන්ධන ටිකක් බේරගන්න පුළුවන්. ඉන් පස්සේ ඉන්ධන ප්‍රශ්නය විසඳගන්න පුළුවන්. ඒ නිසා අත්‍යවශ්‍ය නැති සේවකයන්ට හෙට සේවයට එන්න එපා කියනවා. අත්‍යවශ්‍ය නොවන ගමන් යන්න එපා කියලත් ඉල්ලා සිටිනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ප්‍රශ්නය විසඳ ගන්න යැයිද අගමැතිවරයා කියා සිටියේය. 
 
ආහාර ගැටලුව මේ වන විට ලෝක අර්බුදයක් බවට පත්වන ලකුණු පෙන්නුම් කරමින් ඇති බවත් ලෝක බැංකුව මේ තත්ත්වය කල්තියා වටහාගෙන ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන තිහක් වෙන්කර ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
 

නව අදහස දක්වන්න