ජලය ඇතත් ඉන්ධන නැතිව වගාව අසීරුයි | දිනමිණ

ජලය ඇතත් ඉන්ධන නැතිව වගාව අසීරුයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු වාරිමාර්ග පද්ධති සඳහා මේවන විට යල කන්නයේ වගා ආරම්භ කිරීමට ජලය මුදා හැර ඇති බවද වගා කටයුතු ආරම්භ කිරීමට ප්‍රමානවත් තරම් ගොවීන්ට ඉන්ධන නොලැබීම හේතුවෙන් වගා කටයුතු ආරම්භ නොකිරීම මත වාරි ජලය අපතේ යන බවද හම්බන්තොට වාරි මාර්ග ඉංජිනේරුවරු පවසති.

රිදියගම, ලියන්ගස්තොට, කිරිඳීඔය, ඌරුබොකුඔය., කිරම ඔය, බඳගිරිය, ඇතුළු පළාත් වාරිමාර්ග හා මහා වාරිමාර්ග සඳහා යල කන්නය ආරම්භ කිරීමට වාරි ජලය මේවනවිට නිකුත් කර ඇති අතර තවමත් ඇතැම් ව්‍යාපාරවල සීසෑමේ කටයුතුවත් ආරම්භ නොකර ඇති හෙයින් වාරි ජලය අපතේ යමින් පවතී.

වගා කටයුතු ආරම්භ කිරීමට සීසෑමේ කටයුතු සඳහා ප්‍රමානවත් තරම් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම හා වල් නාශක , කෘමිනාශක, රසායනික පොහොර ඇතුළු පොහොර ගැබීමට නිශ්චිත ක්‍රමවේදයක් නොමැති කම හේතුවෙන් වගා ආරම්භ කිරීමට ගොවීන් උනන්දුවක් දක්වන්නේ නැති බව ගොවීහු පවසති.

ඉන්ධන ලබා දීම සඳහා ගොවි සංවිධාන මට්ටමින් අදාළ කෘෂිකර්ම උපදේශක නිලධාරීන්ගේ අනුමැතිය යටතේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල නිර්දේශ මත ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ගොවීන් සඳහා නිකුත් කිරීමට දැනට දිස්ත්‍රික්කයේ වැඩ පිළිවෙලක් සකස් කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී සුමනසේකර මහතා කීය.

ලුණම සමූහ සනත් ගමගේ

නව අදහස දක්වන්න