ගෑස් බෙදන නියෝගය ඉටු නොකළ නිලධාරීන් කැඳවා ප්‍රශ්න කරන්න - අගමැති | දිනමිණ

ගෑස් බෙදන නියෝගය ඉටු නොකළ නිලධාරීන් කැඳවා ප්‍රශ්න කරන්න - අගමැති

ස්වර්ණා විජේකෝන්
නුවන් කොඩිකාර
සන්ධ්‍යා කරුණාරත්න

‘කෝප්’ සභාපතිට අගමැති දැනුම් දෙයි

වරායට පැමිණි ගෑස් තොග නොපමාව ලොරි යොදා බෙදා හරින ලෙස නියෝග දුන්න ද 18 දා රාත්‍රිය තෙක් නියෝග ඉටු නොකළ නිලධාරීන් කැඳවා ප්‍රශ්න කරන්නැයි කෝප් කමිටු සභාපතිට දැනුම් දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය.

ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය පිළිබඳ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය. මිනිසුන් දුක් විඳිද්දී මොවුන් මෙලෙස කල් මරන්නේ ඇයි දැයි තමාට වාර්තාවක් අවශ්‍ය බව ද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය සම්පූර්ණ පොහොර ප්‍රමාණයම දෙන්නට කටයුතු කරන බව ද අගමැතිවරයා පැවසීය.

 

නව අදහස දක්වන්න