අර්බුදය නිම වන තුරු පාර්ලිමේන්තුවෙන් දවල් කෑම එපා | දිනමිණ

අර්බුදය නිම වන තුරු පාර්ලිමේන්තුවෙන් දවල් කෑම එපා

ස්වර්ණා විජේකෝන්
නුවන් කොඩිකාර
සන්ධ්‍යා කරුණාරත්න

පොහොට්ටු මන්ත්‍රීහු කථානායකට ලියති

සියලු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් සැපයෙන දිවා ආහාර වේල රටේ ජනතාව මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 53 දෙනෙක් සිය අත්සනින් යුතුව සකස් කෙරුණු ලිපියක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාර දෙමින් ඊයේ (19) ඉල්ලීමක් කළහ.

රටේ ජනතාව අද එක වේලක් හෝ ගත නොහැකිව අසීරුතාවට පත්ව සිටින මොහොතක මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට දිවා ආහාර වේල සැපයීම සඳහා විශාල වියදමක් දැරීම අසාධාරණ බව ද මන්ත්‍රීවරු පිරිස ඒ ලිපියෙන් පෙන්වා දෙති.

පාර්ලිමේන්තු රැස්වීම් දවස පුරා පැවැත්වෙන අවස්ථාවලදී පමණක් වෙළෙඳපොළේ පවතින මිල ගණන් යටතේ බත් පාර්සලයක් දීමට කටයුතු කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

 

නව අදහස දක්වන්න