ගම්මිරිස් කඩමින් සිටි අයෙක්ට දෙබර ප්‍රහාරයක් | දිනමිණ

ගම්මිරිස් කඩමින් සිටි අයෙක්ට දෙබර ප්‍රහාරයක්

සිය ගෙවත්තේ ගම්මිරිස් කඩමින් සිටියදී දෙබර ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු ඊයේ (20) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ සොරණාතොට බෝලියද්ද ,6 කනුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක පුද්ගලයෙකි.ගම්මිරිස් වැල් අතර තිබූ දෙබර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇත.ඔහු සමග ගම්මිරිස් අස්වනු නෙළමින් සිටි ඔහුගේ බිරිඳ ඇතුළු කීප දෙනෙකුද ප්‍රහාරයෙන් සුළු තුවාල ලබා ඇත.

නව අදහස දක්වන්න