චීන රජයේ කොවිඩ් ශූන්‍ය ප්‍රතිපත්තියෙන් මහජන විරෝධය උත්සන්න වෙයි | දිනමිණ

චීන රජයේ කොවිඩ් ශූන්‍ය ප්‍රතිපත්තියෙන් මහජන විරෝධය උත්සන්න වෙයි

කොවිඩ් ශූන්‍ය කිරීමේ දැඩි ප්‍රතිපත්ති ඇතුළු ජනතාව පීඩාවට පත් වන ආකාරයේ අගුළු දැමීමේ පියවර රැසක් ගැනීමෙන් චීන රජය එරට ජනතාව අතර දැඩි අප්‍රසාදයට හා කෝපයට ලක් වී සිටින බව වාර්තා වේ. එරට දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත්තේ මෙවැනි මහජන පීඩාකාරී නීතිරෙගුලාසි පැනවීමෙන් එරට රජය ඉතා දරුණු ලෙස ජනතාව අතර වෛරයට ලක් වී ඇති බවය.

කොවිඩ් ශූන්‍ය කිරීමේ දැඩි ප්‍රතිපත්තිය හේතුවෙන් එරට දෛනික ජන ජීවිතය බිඳ වැටී ඇති අතර, පවතින තත්ත්වය තුළ චීන කොමියුනිස්ට් පක්ෂ රජයේ ජනප්‍රියත්වය ක්‍රම ක්‍රමයෙන් හීන වී යමින් පවතින බවට වාර්තා වේ. කොවිඩ් වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස නගර අගුළු දැමීමට කටයුතු කිරීමෙන් චීනයේ දේශපාලන ක්ෂේත්‍රය ද ව්‍යාකූලත්වයට පත්ව ඇතැයි වොෂින්ටන් පෝස්ට් පුවත්පත පසුගියදා වාර්තා කළේය.

මෙවැනි තත්ත්වයක් තුළ අගුළු දැමූ නගරවල ජනතාවට ආහාර ඇතුළු දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ සපයා ගැනීමේ දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදු වී ඇතැයි ද, එය රජය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීමට දැඩි ලෙස බලපා ඇතැයි ද වොෂින්ටන් පෝස්ට් පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේය.

 

නව අදහස දක්වන්න