දේශපාලනය මත ඕයිසී පත්වීම් දුන් පිරිස ඉවත් නොකළොත් සියලු රාජකාරිවලින් ඉවත් වනවා - ග්‍රාම නිලධාරී සංගමය | දිනමිණ

දේශපාලනය මත ඕයිසී පත්වීම් දුන් පිරිස ඉවත් නොකළොත් සියලු රාජකාරිවලින් ඉවත් වනවා - ග්‍රාම නිලධාරී සංගමය

 

දේශපාලන බලය පවිච්චි කර පොලිස් ස්ථානාධිපති ධුරවලට පත් වූ පුද්ගලයන් ඉවත් කිරීමට පොලිස්පතිවරයා කඩිනම් පියවර නොගත හොත් මෙරට සියලු ග්‍රාම නිලධාරීවරුන් පොලීසිය හා කරන සියලු රාජකාරිවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා පවසයි.

පොලිස්පතිවරයා සඳහන් කර තිබෙන දේශපාලන බලය පදනම් කරගනිමින් පොලිස් ස්ථානාධිපති ධූරවලට පත් වූ අය සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිවරුන් මඟින් වාර්තාවක් ගෙන පොලිස්පතිවරයා වෙත කඩිනමින් යොමු කරන බවද ඒ මහතා කීවේය.

මහනුවරදී පෙරේදා (21) පැවැති මාධ්‍ය හමුවකදී ජාතික සංවිධායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී නෙවිල් විජේරත්න මහතා මෙසේද කීවේය.

ජ්‍යෙෂ්ඨත්වයෙන් යුතු, නිපුණතා ඇති දක්ෂ පොලිස් නිලධාරීන් පැත්තකට දමා දේශපාලන හෙන්චයියන් ස්ථානාධිපතිවරුන් ලෙස පත් කිරීම මෙරට අපරාධ ඉහළ යෑමට ප්‍රබල ලෙස බලපා තිබෙනවා. පොලිස් බලතල ක්‍රියාත්මක කරන ග්‍රාම නිලධාරීන් 14,000ක් රටේ සිටිනවා. සුදුසු නිලධාරීන් පොලිස් ස්ථානවලට පත් කරන තෙක් අදාළ විරෝධය පළ කරවා. පොලීසිය බාර ඇමැතිවරයාටත් අප මේ බව දැනුම් දෙන බවද ඒ මහතා වැඩි දුරටත් කීවේය.

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න