දේශබන්දු තෙන්නකෝන් වහාම ස්ථාන මාරු කරන්න | දිනමිණ

දේශබන්දු තෙන්නකෝන් වහාම ස්ථාන මාරු කරන්න

නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීමක් දෙන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනා ගෝ ගමට සහ ගාලුමවුදොර ගෝඨා ගෝ ගමට ඉකුත් (09) දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අනුකූලව මෙම ස්ථාන මාරු වීම දෙන ලෙසට උපදෙස් දී ඇත.

නව අදහස දක්වන්න