කිඹුලා ඇළේ ගුණාගේ ගෝලයෙක් අයිස් සමඟ දැලේ | දිනමිණ

කිඹුලා ඇළේ ගුණාගේ ගෝලයෙක් අයිස් සමඟ දැලේ

සංවිධානාත්මක අපරාධකරුවකු වන කිඹුලා ඇළේ ගුණා නමැත්තාගේ සමීපතමයෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 107ක් සමඟ මෝදර පොලිස් වසමේ ජෙම්ස් මහල් නිවාස සංකීර්ණයේදී පෙරේදා (22) පොලිස් විශේෂ කාර්ය බළකායේ මොරටුව කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 23ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මෝදර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (23) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෝදර පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කරයි.

රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න