රටවල් 14කින් වඳුරු උණ රෝගීහු 100කට වැඩි පිරිසක් හඳුනා ගැනෙති | දිනමිණ

රටවල් 14කින් වඳුරු උණ රෝගීහු 100කට වැඩි පිරිසක් හඳුනා ගැනෙති

අවධානයෙන් පසු වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

අමෙරිකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක ව්‍යාප්ත වෙමින් තිබෙන වඳුරු උණ වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි උනන්දුවකින් යුතුව පසුවන බව වාර්තා වේ. පසුගිය සෙනසුරාදා වන විට ලොව පුරා මේ වසංගතයට ගොදුරු වූ රෝගීන් 100කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන බවත්, තවත් පුද්ගලයන් 28 දෙනකු ඊට ගොදුරු වී ඇතැයි සැක කෙරෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වඳුරු උණ ව්‍යාප්තිය සම්බන්ධව රටවල් 14 ක් මේ වන විට පරීක්ෂාවට ලක් කෙරෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ. ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, කැනඩාව, ප්‍රංසය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලයථ, ස්පාඤ්ඤය, ස්වීඩනය, බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව ඒ අතර සිටින බව වැඩි දුරටත් වාර්තා වේ.

වඳුරාගෙන් මිනිසාට ආසාදනය වී පසුව මිනිසුන් අතර ව්‍යාප්ත වන බවට නිගමනය කර ඇති මේ රෝගය පැපොල රෝගයට සමාන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති අතර, මේ සම්බන්ධව අවධානයෙන් පසු වන ලෙස සෙසු රටවලින් ඉල්ලීමක් ද කර තිබේ.

නව අදහස දක්වන්න