අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 21ක් මරුට | දිනමිණ

අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 21ක් මරුට

අමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පාසල් සිසුන් 19 දෙනෙකු සහ වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
 
18 හැවිරිදි තරුණයෙකු විසින් වෙඩිතැබීම සිදු කර ඇති බවත් සැකකරු වෙඩි වැදී මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
විමර්ශකයින් පවසන්නේ සැකකරු අත් තුවක්කුවක්, AR-15 අර්ධ ස්වයංක්‍රීය රයිෆලයක් සහ අධි ධාරිතා මැගසින් වලින් සන්නද්ධව සිටි බවයි. මෙම සැකකරු ඔහුගේ මිත්තණියට වෙඩි තැබූ බවට සැක කෙරේ.
 
ඝාතනයට ලක්වූ සිසුන් වයස අවුරුදු 07 ත් 10 ත් අතර වියෙහි පසුවන්නන් බව සදහන් වේ. එසේම ඝාතනයට ලක්වූ වැඩිහිටියන්ගෙන් එක් අයෙක් ගුරුවරියකි.  
 

නව අදහස දක්වන්න