සුපර් ඩබල් පිල ක්‍රිකට් ශූරතාව දිනා ගනියි | දිනමිණ

සුපර් ඩබල් පිල ක්‍රිකට් ශූරතාව දිනා ගනියි

බොරලැස්ගමුව දූදරුවෝ සුභසාධක හා අනෝනාධාර සමිතිය සංවිධාන කරන ඩබල් විකට් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සුපර් ඩබල් කණ්ඩායම සමත් විය.

බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී සුපර් ඩබල් පිල හමුවේ වුඩ්ලන්ඩ් සිංහ ඒ කණ්ඩායම පරාජයට පත් විය. මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් සුපර් ඩබල් කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 56ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස වුඩ්ලන්ඩ් කණ්ඩායමට කඩුලු 2ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 33ක් පමණි.

තරගාවලියේ වීරයා සහ හොඳම පන්දු යවන්නා ලෙස සුපර් ඩබල් කණ්ඩායමේ පසන් පිවිතුරු සම්මාන දිනාගත් අතර, දක්ෂතම පිතිකරු ලෙස වුඩ්ලන්ඩ් කණ්ඩායමේ ඉසුරු සසංක සම්මාන හිමි කර ගත්තේය.

නව අදහස දක්වන්න