Thursday, මැයි 26, 2022 - 01:00
විජිත හේරත්
ප්‍රචණ්ඩකාරි ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැඩි පිරිස ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් නොව වෙනත් දේශපාලන පක්ෂවල සාමාජිකයන් බව එම පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ, පසුගිය 9 දා සහ ඉන් අනතුරව රට පුරා ඇති වූ ප්රචණ්ඩත්වය පිළිබඳ අත්අඩංගුවට ගත් පිරිස් අතර විශාල ලෙස ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සිටින බවට නැඟෙන චෝදනාව පිළිබඳ සොයා බැලීම සඳහා පොලිස්පතිවරයා සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
උපාලි කරුණාරත්න
නව අදහස දක්වන්න