ස්වයං ඝාතකයන්ගේ පියාට සහ සොහොයුරකුට ඇප | දිනමිණ

ස්වයං ඝාතකයන්ගේ පියාට සහ සොහොයුරකුට ඇප

පාස්කු ඉරු දින ප්‍රහාර:

බාල සහෝදරයා යළි රිමාන්ඩ්

පාස්කු ඉරු දින ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ස්වයංඝාතක ඉන්සාෆ් අහමඩ් හා ඉල්ලාම් අහමඩ් ත්‍රස්ත සහෝදරයන්ගේ පියාට සහ සහෝදරයකුට කොළඹ මහාධිකරණය දැඩි කොන්දේසි පනවමින් ඊයේ (25) ඇප නියම කළේය.

පාස්කු ඉරු දින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බව දකිමින් ඒ පිළිබඳ පොලිසියට තොරතුරු වසන් කළේ යැයි අධි චෝදනා ලැබ වසර තුනක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඉබ්‍රහිම් හා ඔහුගේ පුත් ඊබ්‍රහිම් හිජාස් යන පුද්ගලයන්ට මෙසේ ඇප නියම කෙරිණි.

නඩුවේ තෙවැනි විත්තිකරුට ඇප දීමට තරම් සුවිශේෂි කරුණු නැති බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ද විනිසුරුවරයා සඳහන් කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මෙසේ ඇප නියම කළේය. රුපියල් ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇප දෙකක් ද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3 බැගින් ද නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අතර, විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙස නියෝග කළේය. සෑම මාසයකම පළමුවැනි සහ අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය යුතු බව ද දන්වා සිටියේය.

රෝෂන් තුෂාර

නව අදහස දක්වන්න