Thursday, මැයි 26, 2022 - 10:20
මහියංගන දම්බරාව වැවට ඊයේ (25) සවස දිය නෑමට ගිය එකම පවුලේ පියෙකු හා පුතුන් දෙදෙනා දියේ ගිලී මියගොස් සිටියදි සොයාගත් බව පොලිසිය කියයි.
මහියංගන හබරවැව කිරිමැඩැල්ල පදිංචි කේ.එච් හේරත් (46),කේ.අභිසේක් එරන්ද (15),කේ.එච් නිතිල් ඔකද බණ්ඩාර යන පියෙකු හා පුතුන් දෙදෙනා දියේ ගිලී මියගොස් තිබේ.
සිද්ධිය වු දින සවස අදුර වැටෙමින් තිබියදි පියා හා පුතුන් දෙදෙනා වැවට බැස දිය නාමින් සිටියදි දියේ ගිලී අනතුර සිදුව තිබෙන අතර පොලිසිය හා ප්රදේශවාසීන් රාත්රි කාලයේම පැමිණි ජලයේ අතුරදන්ව සිටි තිදෙනා සොයාගෙන තිබේ.
මහියංගන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි
(ඌව පළාත් සමුහ ප්රසන්න පත්මසිරි )
නව අදහස දක්වන්න