TECNO Mobile හඳුන්වා දෙයි | දිනමිණ

TECNO Mobile හඳුන්වා දෙයි

දශක 7කට වැඩි කාලයක් පුරා මෙරට කාර්යාලයීය උපකරණ සම්පාදනයේ ප්‍රමුඛයා වන Gestetner of Ceylon සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Gestetner-Telkom සමාගම පසුගිය දා ජංගම දුරකතන අලෙවි ක්ෂේත්‍රයට පිවිසෙමින් TECNO Mobile සන්නාමය හිමි Transsion Holdings සමඟ විශේෂ සහයෝගීතාවකට එළඹිණි. ඒ සමඟ ලොව වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින මෙන්ම විශේෂයෙන්ම අප්‍රිකානු සහ දකුණු ආසියානු කලාපවල ස්මාර්ට් ජංගම දුරකතන සහ උපාංග සඳහා වෙළෙඳපොළ ආකර්ෂණය හිමිව ඇති TECNO Mobileහි ජාතික බෙදාහැරීම් නියෝජිතයා ලෙස Gestetner-Telkom සමාගම නම් කෙරිණි.

“Stop At Nothing” යන තේමාව රැගත් TECNO Mobile, පාරිභෝගිකයන්ගේ ස්මාර්ට් සහ විචිත්‍රවත් ජීවන රටාවට කදිමට ගැළපෙන උසස් සහ නවීන ස්මාර්ට් ජංගම දුරකතන පෙළක් හඳුන්වා දී ඇත. වර්තමානය වන විට රටවල් 70ක අලෙවි මධ්‍යස්ථාන 80,000කට වැඩි සංඛ්‍යාවක් හරහා TECNO Mobile පාරිභෝගිකයන්ට සමීප වී තිබේ. ගෝලීය සහ දේශීය පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන රැසකින් ද සමන්විත මේ දුරකතන සන්නාමය, එහි නිෂ්පාදන නිමැවුම, කැමරාව සහ සන්නාම ජනප්‍රියතාව වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ජංගම දුරකතන ආනයනය වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් Gestetner-Telkom සමාගම, සිය ප්‍රාදේශීය විකුණුම් නියෝජිත ජාලය හරහා රටම ආවරණය වන පරිදි මෙරට තාරුණ්‍යය වෙනුවෙන් TECNO Mobile දුරකතන එළි දක්වා ඇත.

 

නව අදහස දක්වන්න