Exterminators නව ශාඛාවක් දඹුල්ලට | දිනමිණ

Exterminators නව ශාඛාවක් දඹුල්ලට

මෙරට ප්‍රමුඛ පළිබෝධ කළමනාකරණ සහ පරිසරය වැඩි දියුණු කිරීමේ තාක්ෂණ සමාගම වන Exterminators Limited (www.pestcontrol.lk) (www.exterminators.lk) නවතම ශාඛාව ඔවුන්ගේ 24 වැනි සංවත්සරයට සමගාමීව නියමිත කාල සීමාවට මාස හයකට පෙර මූලික කොටස් නිකුතුවේ අරමුණක් ඉටු කරමින් පසුගිය දා දඹුල්ලේදී විවෘත කළේය. මේ ශාඛාව උතුරු මැද, උතුර සහ නැඟෙනහිර පළාත්වලට සේවා සැපැයීමේ පිවිසිම් දොරටුව වනු ඇත. හෝටල්, ඇඟලුම්, කෘෂිකාර්මික හා ආහාර, ධීවර, සිල්ලර ව්‍යාපාර, කාර්යාල සහ පෞද්ගලික දේපොළ ආදි සියලු ක්ෂේත්‍ර සඳහා Exterminators නව පළිබෝධ කළමනාකරණ, පරිසරය වැඩි දියුණු කිරීමේ තාක්ෂණ නිෂ්පාදන සහ සේවා සපයයි.

Exterminators ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය, ඒකාබද්ධ වේයන් කළමනාකරණය, සනීපාරක්ෂක විෂ බීජ නාශනය, ඩිජිටල් පළිබෝධ කළමනාකරණ, රසායනික නොවන පළිබෝධ කළමනාකරණය සඳහා අන්තර්ජාතික කීර්තියක් සහිත සෞඛ්‍ය සහ ආරක්ෂිත සන්නාම හසුරුවයි. Exterminators ISO 9001" ISO 14001" ISO 45001" ISO 22000 යන තත්ත්ව සහතිකවලින් සහ ජාතික හා අන්තර්ජාතික සම්මාන 60කින් පිදුම් ලැබූ කීර්තිමත් සමාගමකි. එසේම ඔවුන් ආසියාවේ පළමුවන ‘Carbon Neutral’ සහ zGreat Place to Work’ සහතික ලත් පළිබෝධ පාලන සමාගම වේ. එසේම ඔවුන් කොටස් හුවමාරුවක ලැයිස්තුගත කර ඇති දකුණු ආසියාවේ අංක එකේ පළිබෝධ පාලන සමාගමයි. Exterminators-Connectපාරිභෝගික වෙබ් ද්වාරය පාරිභෝගිකයන්ට යෝජනා, සේවා කොන්ත්‍රාත්, වැඩ ඇණවුම්, රැකියා වාර්තා, සේවා තත්ත්වය, පළිබෝධ අවදානම් තක්සේරු කිරීම් සහ විගණන වාර්තා, ගෙවීම් විස්තර, මාසික ප්‍රකාශ, ඉදිරි සේවා ආදිය තොරතුරු සඳහා සෘජු ප්‍රවේශයක් සලයයි. වැඩි විස්තර [email protected] ඊමේල් ලිපිනයෙන් ගත හැක.

 

නව අදහස දක්වන්න