අන්ධ තනියා ඇතුන්ගොඩ ගමේ වී මෝලක් වනසා දමලා | දිනමිණ

අන්ධ තනියා ඇතුන්ගොඩ ගමේ වී මෝලක් වනසා දමලා

ගොවීන් කොටන්න ගෙනැවිත් දැමූ වී උරත් බීලා

ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක මේ දිනවල පවතින වන අලි තර්ජන හේතුවෙන් එම ගම්මානවල ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.

මෙයින් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ආණමඩුව ඇතුන්ගොඩ ගම්මානයටය.

මේ දිනවල ගම්මානයේ සැරිසරන ශ්‍රවණ ඌනතාව ඇති සහ ඇස් පෙනීම දුර්වල යැයි සැක කරන වන අලියකු ගම්මානයේ සැරිසරමින් වගා වනසා වී මෝලකට ද හානි කර වී ගෝණි රැගෙන ගොස් ඇති බව ජනතාව කියති. ගම්මු මේ අලියා තනියා හා ඇස් අන්ධයා ලෙස හඳුන්වති.

පසුගිය 22 වැනි දින අලුයම මේ තනියා ඇතුන්ගොඩ ගම්මානයේ වී මෝලකට කඩා වැදී එහි බිත්ති කඩාදමා සහල් සැකසීමට තිබු වී කිලෝ 300ක් පමණ බී ගොස් ඇති බව කියති.

එසේ පිටව ගිය වන අලියා කිලෝමීටර් දෙකකට ආසන්න දුරකින් වු කිරල් ඔය අසල කුඹුක් ගස් යායේ රැඳී සිටිමින් ජනතාව භීතියට පත්කරමින් සිටින බව ඔවුහු සඳහන් කරති.

අමරනන්ද විජේසේකර-මාරවිල සමූහ

නව අදහස දක්වන්න