ආහාර හා බලශක්ති අර්බුදයට මුහුණ දෙන්න ඉන්දියාව ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය තවදුරටත් | දිනමිණ

ආහාර හා බලශක්ති අර්බුදයට මුහුණ දෙන්න ඉන්දියාව ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය තවදුරටත්

ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව තිබෙන ආහාර හා බලශක්ති අර්බුදය හමුවේ ඉන්දියාව දෙන සහයෝගය තවදුරටත් ඒ ආකාරයෙන්ම බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ (Gopal Baglay)මහතා පැවසීය.

ඉන්දීය මහකොමසාරිස්වරයා සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා අතර පෙරේදා (25) පැවති විශේෂ සාකච්ඡාවකදී ඒ් මහතා මේ බව සඳහන් කළේය.

කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් නිල නිවෙසේදී පැවැති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

ඉතිහාසය පුරාවට ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවතෙන මිතුදම පිළිබඳව මෙහිදී කරුණු දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගියදා මෙරට ජනතාව අතර බෙදාදීම සඳහා ආහාර ද්‍රව්‍ය පිරිනැමීම පිරිනැමීම පිළිබඳව ඉන්දීය රජයට තමාගේත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේත් ස්තූතිය පළ කර සිටියේය.

ශිරෝමි අබයසිංහ

නව අදහස දක්වන්න