කහඳගමගේ ඇතුළු තිදෙනා 8 දා දක්වා රිමාන්ඩ් | දිනමිණ

කහඳගමගේ ඇතුළු තිදෙනා 8 දා දක්වා රිමාන්ඩ්

සුභාෂිණී සේනානායක

අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගේ ඇතුළු තිදෙනා ලබන 8 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පෙරේදා (2) නියෝග කළේය.

සැකකාර නාගරික මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය. එමෙන්ම එම සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ආරියදාස පීරිස් සහ දිලිප් ප්‍රනාන්දු යන අයවළුන් ද 8 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් මහින්ද කහඳගම සැකකරුවෙක් ලෙස නම් කරන බව ඉකුත් නඩු දිනයේ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ දන්වා සිටියේය.

නව අදහස දක්වන්න