රැට්ටා ඇතුළු 9 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියෝග | දිනමිණ

රැට්ටා ඇතුළු 9 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියෝග

පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී සහ තලංගම පොලිස් වසමේ පැලවත්ත සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වී නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වසන්ත මුදලිගේ, ළහිරු වීරසේකර, ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, රතිඳු සේනාරත්න (රැට්ටා) ඇතුළු නව දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

හඳුනාගත් මෙම පිරිස සම්බන්ධයෙන් කොටුව සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණවලට පොලිස් ස්ථාන බී වාර්තාවකින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය කර ඇත.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න