අත්අඩංගුවට ගත් අරගලකරුවන් 21 දෙනාට ඇප | දිනමිණ

අත්අඩංගුවට ගත් අරගලකරුවන් 21 දෙනාට ඇප

මුදල් අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගය අවහිර කර විරෝධතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාලු මුවදොර අරගලකරුවන් 21 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැඟින් වූ ශරිරි ඇප මත මුදා හරින්නැයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (20) නියෝග කළේය.

සැකකරුවන්ට ඇප දුනහොත් මහජන කැළඹීමක් සිදු විය හැකි බව කියමින් ඇප නොදෙන ලෙස පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් 21 දෙනා ඇප මත මුදා හරින ලෙස නියෝග කළේය

ඉදිරි දින සැකකරුවන්ට පදිංචි සහතික ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඊයේ දිනයේ මූල්‍ය අරමුදලේ සාමාජකයන් මෙරටට පැමිණ සාකච්ඡා කරන අවස්ථාවේ මේ උද්ඝෝෂණය කළ බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට එම සාකච්ඡාවට යාමට පැය භායක ප්‍රමාදයක් සිදුව ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටිමින් ඇප නොදෙන ලෙස ඉල්ලා සිටියේය. එමෙන්ම සැකකරුවන් මහජන පීඩාවක් කරමින් අවස්ථා පහක මෙවැනි උද්ඝෝෂණ කර ඇති බවත් පොදු දේපළ යටතේ ගැනෙන වරදවල් කර ඇති බවත් අධිකරණයට කියා සිටියේය.

සුභාෂිණි සේනානායක

නව අදහස දක්වන්න