ජල ක්‍රීඩාවෙන් ඉන්දියාව අන්තර්ජාතික තලයට ගෙන ගිය බිල්කිස් | දිනමිණ

ජල ක්‍රීඩාවෙන් ඉන්දියාව අන්තර්ජාතික තලයට ගෙන ගිය බිල්කිස්

ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ වැඩිම පදක්කම් දිනාගත හැකි පස්වැනි ක්‍රීඩා ඉසව්ව ජල ක්‍රීඩාව බවට පත්වී ඇති ජල ක්‍රීඩාවෙන් ඉන්දියාවට අන්තර්ජාතික ගෞරවයක් අත් කර දීමට එරටින් බිහි වූ විශිෂ්ටතම ජල ක්‍රීඩිකාවක වන බිල්කිස් මිර් පෙරමුණ ගෙන සිටී. ජම්මු කාශ්මීරයේ උපන් 35 හැවිරිදි මේ ක්‍රීඩිකාවගේ විශ්වාසය වී ඇත්තේ ඉදිරි වසර කිහිපය ඇතුළත ඉන්දියාවට ජල ක්‍රීඩාව තුළින් අන්තර්ජාතික තලයට යෑමේ හැකියාව ඇති බවය.

ආසියාවෙන් නැගී එන රටවල් බවට පත්ව ඇති උස්බෙකිස්තානය සහ කසකස්තානය මෙන් ඉන්දියාවට ද ඉදිරියේදී ජල ක්‍රීඩාවෙන් කැපී පෙනෙන දස්කම් දැක්විය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කළ හැකි බව ඇගේ විශ්වාසය වී තිබේ.

සිය උපන් බිම වන ජම්මු කාශ්මීරය ඉන්දියාවේ ජල ක්‍රීඩා ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමෙන් සිය රටට අන්තර්ජාතික ගෞරවයක් අත්කර දීම තම සිහිනය බව කියන බිල්කිස් මිර් ලෝක ජල ක්‍රීඩා තරගාවලි අතර කැපී පෙනෙන දස්කම් පෑ ක්‍රීඩිකාවකි. ඇය 2018 වසරේ ආසියා ක්‍රීඩා උලෙළේ ජල ක්‍රීඩා අංශයේ තරග විනිසුරුවරියක ලෙස ද කටයුතු කර ඇත.

මේ වන විට ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ ජල ක්‍රීඩා කවුන්සිලයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන බිල්කිස් මිර්ගේ ප්‍රමුඛත්වයෙන් ඉන්දියාවේ ජාතික ජල ක්‍රීඩා තරගාවලිය ඊයේ ශ්‍රීනගර් නුවරදී ආරම්භ විය. ඉන්දියාවේ සියලු ප්‍රාන්ත නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 700කට අධික පිරිසක් මේ තරගාවලියට එක්වී සිටිති. එවැනි ජල ක්‍රීඩා තරගාවලියක් ජම්මු කාශ්මීරයේ පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙය වේ.

නව අදහස දක්වන්න