රුසියාවෙන් ඉන්ධන ගැනීමට සාකච්ඡා අඛණ්ඩව ඇමැති කංචන විජේසේකර | දිනමිණ

රුසියාවෙන් ඉන්ධන ගැනීමට සාකච්ඡා අඛණ්ඩව ඇමැති කංචන විජේසේකර

මෙරටට අවශ්‍ය ඉන්ධන රුසියාවෙන් ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමට ආරම්භ කරන ලද සාකච්ඡා අඛණ්ඩව සිදුකරන බවත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය මැදිහත්වීම් සිදුකර ඇති බවත් විදුලි බල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය. එමෙන්ම මේ සම්බන්ධයෙන් රුසියානු තානාපතිවරයා සමඟ තමන් දිගින් දිගටම සාකච්ඡා කරන බවත් දෙරට අතර ලිපිගොනු පවා හුවමාරු කරගෙන ඇති බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම හිටපු අගමැතිවරයා පවා අවශ්‍ය මැදිහත්වීම් කර ඇති බවද ඇමැතිවරයා පැවසීය. ඇමැති කාංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මතු කළ කරුණකට පිළිතුරු දෙමිනි.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න