අමෙරිකාවේ බැංකුවක් ශ්‍රී ලංකාවට නඩු දමයි | දිනමිණ

අමෙරිකාවේ බැංකුවක් ශ්‍රී ලංකාවට නඩු දමයි

මෙරට අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250කට වඩා වැඩි ප්‍රමාණයක් හිමි Hamilton Reserve Bank Ltd විසින් අමෙරිකාවේ නිව් යෝර්ක් ෆෙඩරල් අධිකරණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරා තිබේ. තමන් ආයෝජනය කර ඇති ඩොලර් මිලියන 257.5 සහ ඊට අදාළ පොලිය ගෙවන ලෙස ශ්‍රී ලංකාවට නියෝග කරන ලෙස ඉල්ලා මෙසේ නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාව නිකුත් කළ ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරය ලබන මස 25 දා කල් පිරෙන අතර, එම අමෙරිකානු බැංකුව ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව මේ වන විට ස්වෛරී බැඳුම්කර දෙකක් ගෙවීම පැහැර හැර ඇති බවයි.

නව අදහස දක්වන්න