Thursday, ජුනි 23, 2022 - 11:14
ශ්‍රි ලංකාවට මූල්‍ය අධාර සැපයීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සදහා ඉන්දීය රජයේ විශේෂ දූත පිරිසක් අද (23) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
මෙම සිව් දෙනෙක් ගෙන් යුත් මෙම දූත පිරිසේ ප්‍රධානත්වය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විනේ ක්වාත්‍රා ( Vinay Kwatra ) මහතා විසින් හොබවනු ලබයි .
ඔවුන් ඉන්දියාවට අයත් කේ.- 3603 දරන විශේෂ ගුවන් යානයෙන් උදෑසන 09.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම පිරිස ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ දේශපාලනඥයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිතය .
නව අදහස දක්වන්න