Thursday, ජුනි 23, 2022 - 15:54
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් අරිෆුල් ඉස්ලාම් (Tareq Ariful Islam) මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (23) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විය.
දෙරටේ ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට කාලය එළැඹ ඇති බවත් එමගින් ඇගලුම්, කෘෂිකර්ම, සෞඛ්‍ය හා ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රගතිය අත්කරගත හැකි බව බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට 2022 දී 50 වසරක් සපිරේ. මෙම කාලපරිච්ඡේදය තුළ ඉතා සමීපව සහ සුහදව කටයුතු කිරීමට රාජ්‍යයන් දෙකටම හැකි විය. පවතින ආර්ථික අර්බුදයේ දී ද බංග්ලාදේශය ලබාදෙන සහාය ජනාධිපතිතුමා ඇගයීමට ලක් කළේය.
වෙළෙඳ, සංචාරක සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කරගැනීමට දෙරටටම අවස්ථාව ඇති බව පෙන්වා දුන් මහ කොමසාරිස්වරයා පවතින වතාවරණයෙන් කඩිනමින් අත්මිදීමට ශ්‍රී ලංකාවට හැකි වෙතැයි විශ්වාසය පළ කරනු ලැබීය.
නව අදහස දක්වන්න