SLS ආයතනයට කොම්බෑන්ක් ඩිජිටල් ගෙවීම් පහසුකම් | දිනමිණ

SLS ආයතනයට කොම්බෑන්ක් ඩිජිටල් ගෙවීම් පහසුකම්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ‘කොම්බෑන්ක් ඩිජිටල් ‘ පද්ධතියට ඒකාබද්ධ කර ගනිමින් එම ආයතනයට අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කිරීමට අවස්ථාව උදා කළ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව තිබෙන අතර, මේ මඟින් ගනුදෙනුකරුවන්ට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ගෙවිය යුතු ගාස්තු ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිට ගෙවිය හැකිය.

මේ අනුව, www.combankdigital.com වෙබ් අඩවිය සහ එහි iOS සහ Android ජංගම දුරකතන අයදුම් මෙන්ම Huawei ජංගම දුරකතන අයදුම මඟින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පෞද්ගලික සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට ඒ මොහොතේම අන්තර්ජාල ගෙවීම් කිරීමට බැංකුව විසින් අවස්ථාව දී තිබේ.

ගනුදෙනුකරුවන් කොතනක සිටියත් ඔවුන්ට පහසු සහ ආරක්ෂිත ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක් දීම සඳහා මේ පද්ධතිය කර්මාන්තයේ ඉහළම මට්ටමේ ආරක්ෂිත ප්‍රමිතීන්ගෙන් සුරක්ෂිතභාවයට පත් කර තිබෙන බව බැංකුව සඳහන් කරයි. කඩදාසි භාවිත නොකරන මේ ක්‍රියාවලිය සඳහා ගනුදෙනුකරුවකුට ගනුදෙනු කිරීමට බැංකු ශාඛාවකට හෝ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කාර්යාලයට යෑමට අවශ්‍ය නොවේ. මීට අමතරව, මෙමඟින් බැංකුවේ හරිත වැඩසටහනට දායකත්වය දෙන අතර, ගනුදෙනුකරුවන්ට වඩාත් පරිසර හිතකාමි වීමට මෙමඟින් අවස්ථාවක් දෙයි.

 

නව අදහස දක්වන්න