පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට ඉතිහාසගත ලාභයක් | දිනමිණ

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට ඉතිහාසගත ලාභයක්

සභාපති සුජීව රාජපක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි ෂමින්ද්‍ර මර්සිලින්

මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත්‍රයේ විශ්වසනීය ප්‍රමුඛයා වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම අවිනිශ්චිතතා සහ අභියෝග රැසක් මධ්‍යයේ වුව ද 1996 සිට මේ දක්වා ලබා ගත් වාර්ෂික ලාභ අතුරින් වාර්තාගත ඉහළම බදු පසු ලාභය (PAT) වන රුපියල් බිලියන 4.66ක මූල්‍ය සාධනයක් 2021/22 මූල්‍ය වර්ෂය තුළ වාර්තා කරමින් ඉතිහාසය නැවත අලුත් කිරීමට සමත් විය.

බදු පසු ලාභය පෙර වසරට සාපේක්ෂව 15.5%ක කැපී පෙනෙන වර්ධනයක් අත් කරගෙන ඇති අතර, බදු පෙර ලාභය ලෙස බිලියන 6.65ක ලාභයක් ළඟා කර ගනිමින් 13.2%ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි. සර්වකාලීන ඉහළ මූල්‍ය ප්‍රතිඵල පිළිබඳ අදහස් දැක්වූ පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ෂමින්ද්‍ර මර්සිලින් මහතා, “අපගේ විශිෂ්ට මූල්‍ය කාර්යසාධනය පිළිබිඹු කිරීම සඳහා 2021/2022 මූල්‍ය වර්ෂය තුළ සේවක කැපවීම, පාර්ශ්වකරුවන්ගේ ගැටලු විසඳීම සඳහා වන උපාය මාර්ග පෙළගැස්වීම, හිත කර මෙහෙයුම් පරිසරයක් සහතික කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි නැවත යාවත්කාලීන කිරීම ආදිය කළ බවය. පෙර වසර හා සමානව කොවිඩ් -19 තෙවැනි රැල්ල හමුවේ රටේ සාර්ව ආර්ථික දර්ශකවල ක්‍රියාකාරීත්වය අඩාළ කරමින් ව්‍යාපාරවලට ක්‍රියාත්මක වීමට අපහසු පරිසරයකට තුඩු දුන් භයානක අභියෝග රැසකට ව්‍යාපාරවලට මුහුණ පෑමට සිදු විය. කෙසේ වෙතත් සමාගමක් ලෙස පීපල්ස් ලීසිං මේ අභියෝග ජය ගනිමින් ඓතිහාසික මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත් විණි.

 

නව අදහස දක්වන්න