කොකා කෝලා බෙවරේජස් සහ Eco Spindles එක්ව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් අරඹයි | දිනමිණ

කොකා කෝලා බෙවරේජස් සහ Eco Spindles එක්ව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් අරඹයි

කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ Eco Spindles Pvt. Ltd අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයේ පුරෝගාමි වෙමින් නව Eko Plasco අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් ම්‍යස්ථානය (Material Recovery Facility) 2022 ලෝක පරිසර දිනයට සමගාමීව වාද්දුවේදී අරඹන කරන ලදි. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්යස්ථානය විවෘත කෙරිණි. අපද්‍රව්‍ය කළමනාකරණයට සහාය දැක්වීම සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයෙන් අපද්‍රව්‍ය වෙත අර්ථවත් නැවත භාවිතයක් දීම සඳහා වගකීමෙන් යුතුව ප්ලාස්ටික් බැහැර කිරීම පිළිබඳ දැනුම්වත් කිරීමට මේ MRF මධ්‍යස්ථානය හඳුන්වා දෙන ලදි.

PET ප්ලාස්ටික් වැනි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය සැකසීම සහ නව නිෂ්පාදන කිරීම සඳහා නිෂ්පාදකයන්ට අමුද්‍රව්‍ය ලෙස විකිණිය හැකි ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පහසුකමක් ලෙස MRF මධ්‍යස්ථාන හැඳින්විය හැකිය. පුළුල් බඳුන් සහ බෑග් එකතු කිරීමේ ජාලයක් හරහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය රැස් කර පසුව ඒවා MRF මධ්‍යස්ථානය වෙත යවා තෙරපුම් සහ කැපුම් යන්ත්‍ර මඟින් වෙන් කර සකස් කරනු ලැබේ.

කසළ හා පරිසර දූෂණය අවම කිරීම, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම, නිෂ්පාදන ද්‍රව්‍යවල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා වූ ආකෘතියක් වන MRF මධ්‍යස්ථාන චක්‍රීය ආර්ථික සංවර්ධනය සඳහා මනා පිටුවහලක් ලබා දෙයි. අපද්‍රව්‍ය එකතු කරන්නන් ලෙසින් කර්මාන්ත හා රැකියා නිර්මාණය කරමින් අවට ප්‍රජාවන් හට ජීවනෝපාය අවස්ථා උත්පාදනය කිරීමට ද මෙය උපකාරී වේ. Eko Plasco, MRF මධ්‍යස්ථානය පාසල්, වෙරළ සහ අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඇතුළු ප්‍රධාන ස්ථානවල ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන් සහ බෑග් ස්ථාපිත කර ඇත. ගෘහස්ථ අපද්‍රව්‍ය නිසි ලෙස වෙන් කිරීම සහ වගකීමෙන් යුතුව අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ ජනතාව දැනුම්වත් කරන මනා මඟ පෙන්වන්නෙක් ලෙසින් ද MRF මධ්‍යස්ථානය ක්‍රියා කරනු ඇත.

 

නව අදහස දක්වන්න