ZTE Blade V30 වෙළෙඳපොළට | දිනමිණ

ZTE Blade V30 වෙළෙඳපොළට

ZTE වෙළෙඳපොළට හඳුන්වා දුන් ස්මාර්ට් දුරකතන මාදිලි අතර සුවිශේෂි මාදිලියක් වන ZTE Blade V30 මිලදී ගැනීමේ අවස්ථාව දැන් ශ්‍රී ලාංකික පාරිභෝගකයන්ට ද උදා වී තිබේ. ZTE Blade V30 ස්මාර්ට් දුරකතන සිංගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජියන් වෙතින් මිල දී ගත හැකිය.

4GB RAM සහ 128GB ROM සහිත ZTE Blade V30 මාදිලියේ වඩාත්ම කැපී පෙනෙන අංග දෙකක් වන්නේ, එහි සුවිශේෂි කැමරාව සහ දර්ශන තිරයයි. එහි යොදා ඇත්තේ 6.67” Full HD 20:9, 2400*100+ Punch Hole Display වර්ගයේ දර්ශන තිරයකි. මෙය දුරකතනය භාවිත කරමින් වීඩියෝ දර්ශන නැරඹීම, සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම ආදිය කරන කොයිකාටත් පෙර නොවූවිරූ අත්දැකීමක් ගෙනෙනු ඇත.

ජීවිතයේ සුවිශේෂි අවස්ථා කැමරාවට හසු කර ගැනීම අද දවසේ අප කාගේත් ජීවන රටාවන්හි අනිවාර්ය අංගයකි. ZTE Blade V30 මාදිලියෙහි පසුපස යොදා ඇති 64MP+8MP+5MP+2MP කැමරා පද්ධතිය, ඡායාරූප සහ වීඩියෝ දර්ශන නවතම මානයක් වෙත රැගෙන යයි. මේ නිසා ZTE Blade V30 භාවිත කරන්නන්ගේ සදානුස්මරණීය අවස්ථා සදාතනික කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. තව ද සෙල්ෆි ඡායාරූප සඳහා මෙහි ඉදිරිපස 16MP AI Quad Front කැමරාවක් ද සහිතව ඔබ අතට පත් වේ. මෙහි Full HD දර්ශන තිරය වර්තමාන සංකීර්ණ ඩිජිටල් ජීවන රටාවන්ට නව අරුතක් දීමට සමත් සුවිශේෂි දර්ශන තිරයක් ලෙස හැඳින්විය හැක. විශේෂයෙන්ම ව්ලොග්කරණයෙහි යෙදෙන සහ ටික් ටොක් වැනි Apps නිතර භාවිත කරන කාටත් මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වනු නිසැකය. ZTE Blade V30 මාදිලියට 5000mAh බැටරියක් යොදා ඇති නිසා, එක් ආරෝපණ වාරයකින් අනතුරුව දීර්ඝ කාලයක් දුරකතනය භාවිත කිරීමට හැකියාව ලැබේ. එමෙන්ම අද දවසේ කාර්යබහුල ජීවිත ගත කරන කාටත් අත්‍යවශ්‍ය පහසුකමක් වන Fast Charging තාක්ෂණය ද මීට යොදා ඇත.

 

නව අදහස දක්වන්න