ජනශක්ති ලයිෆ් වේගයෙන්ම වර්ධනය වන සන්නාම 10 අතරට | දිනමිණ

ජනශක්ති ලයිෆ් වේගයෙන්ම වර්ධනය වන සන්නාම 10 අතරට

ජනශක්ති රක්ෂණ සමාගම ලොව සුපතල සන්නාම තක්සේරු ආයතනය වන බ්රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ඉහළම සන්නාම 10 ශ්‍රේණිගත කිරීම් අනුව 2022 දී A+ ශ්‍රේණිගත කිරීමක් සහ සන්නාම ප්‍රබලතා දර්ශක (BSI) ලකුණු 569ක ආකර්ෂණීය සන්නාම අගයක වර්ධනයක් වාර්තා කරමින් 'වේගයෙන්ම වර්ධනය වන ශ්‍රී ලාංකේය සන්නාමයන් 10 අතරට පත් වූ එකම රක්ෂණ සන්නාමය ලෙස ගෞරවයට පාත්‍ර විය. ජනශක්ති සමාගම 2022 වසර තුළ වෙළෙඳපොළේ ඇති සියලු ජීවිත රක්ෂණ සන්නාමවල මුළු සන්නාම වටිනාකමට සාපේක්ෂව 22% ක කැපී පෙනෙන වර්ධනයක් ලබා දී ඇත. මේ සන්නාම වටිනාකම ඉහළ යෑමට 2021 වසර තුළදී තරගකාරිත්වය අභිභවා ශක්තිමත් වෙළෙඳපොළ කොටස් වර්ධනයක් අත් කර ගනිමින් අඛණ්ඩව බිලියන දෙකක සන්ධිස්ථානයක් පසු කරමින් ජනශක්ති ලයිෆ්හි ඓතිහාසික ජයග්‍රහණය මහත් රුකුලක් වූ අතර 115% කට වැඩි ප්‍රමාණයක කැපී පෙනෙන නිත්‍ය වාරික පළමු වසර වාරික (FYP) වර්ධනයක් සමඟින් සියලු නියමිත ඉලක්ක සහ අභියෝග සියල්ල ජය ගැනීමට හැකි විය.

බ්රෑන්ඩ් ෆයිනෑන්ස් යනු ලොව ප්‍රමුඛ ස්වාධීන සන්නාම තක්සේරු හා උපදේශකත්ව ආයතනයකි. වසර 20කට වැඩි කාලයක සිට තම උපදේශකත්ව සේවා තුළින් විවිධ සමාගම් සහ සංවිධානවලට ඔවුන්ගේ වෙළෙඳ නාම වර්ධනය කිරීමට උපකාරී විය. “ජනශක්ති රක්ෂණ සමාගම යනු ක්ෂේත්‍රයේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමයයි.

 

නව අදහස දක්වන්න